වික්ටෝරියා සෞඛ්‍ය සේවකයන්ට $ 3000 ක දීමනාවක් – නොමිළයේ ආහාර වේල්

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම පොදු රෝහල් සහ ගිලන් රථ සේවාවල සේවකයන් සඳහා ඩොලර් 3000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

දැනට සිටින සේවකයන් තවදුරටත් රඳවා තබා ගැනීම සහ නව සේවකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

මෙම පැකේජයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 353 ක් බව අගමැතිවරයා සඳහන් කලා.

කොවිඩ් තත්වය එළඹීමත් සමග වික්ටෝරියා හි සෞඛ්‍ය සේවකයන් දැඩි පීඩාවකට මුහුණුදුන් බවත් සේවක හිගය – අමතර සේවා මුර වැනි කරුණු හමුවේ ඔවුන් තවදුරටත් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවත් ඩැනියල් ඇන්ඩෘාස් ප්‍රකාශ කලා.

මේ අතර ලබන ජූලි මාසයේ සිට මෙම වසර අවසන් වන තෙක් රාත්‍රී සේවා මුරවල නිරත සෞඛ්‍ය සේවකයන්ට නොමිළයේ ආහාරවේල් ලබාදීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ වික්ටෝරියා පොදු සෞඛ්‍ය සේවා ආයතනවල සේවය කරන සියලු රාත්‍රී සේවා මුර සේවකයන් මීට සුදුසුකම් ලබනු ඇති.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »