බ්‍රිස්බන් සිට අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා නව ගුවන් වාරයක්

බ්‍රිස්බන් සිට අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කිරීමට අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

පැය 14 හාමාරක ගුවන් ගමනක් වන එමගින් දෙරට අතර සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමයි මූලික වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ.

කොවිඩ් තත්වයට පෙර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමිණි සංචාරකයන් අතුරින් 03 වන වැඩිම පිරිස පැමිණියේ අමෙරිකාවෙන් වන අතර එය 236,000 කට ආසන්නව පැවතියා.

නව ගුවන් ගමන හරහා ක්වීන්ස්ලන්ඩ් ආර්ථිකයට ඩොලර් මිලියන 73 ක ප්‍රතිලාභ අත්වනු ඇතැයි සඳහන්.

සතියකට දින 03 ක් බ්‍රිස්බන් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ අතර මෙම ගුවන් ගමන් වාරය ක්‍රියාත්මක කෙරෙන ඇති.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »