Search

දෙවන විස්සයි 20 තරගය ඔස්ටේ‍රලියාව කඩුලූ 03 කින් ජයගනී

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන විස්සයි 20 තරගය කඩුලූ 03 කින් ජයග්‍රහණය කිරීමට ඔස්ටේ‍රලියානු කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කදුලූ 09 ක් දැවී ලකුණු 124 ක් රැස් කර ගනු ලැබුවා.

චරිත් අසලංක 39 ක්ද කුසල් මෙන්ඩිස් 36 ක්ද ලබාගත්තා.

කේන් රිචර්ඩ්සන් ළකුණු 30 කට කඩුලූ 04 ක්ද ජායි රිචර්ඩ්සන් ළකුණු 26 කට කඩුලූ 03 ක්ද ග්ලෙන් මැක්ස්වෙල් ළකුණු 18 කට කඩුලූ 02 ක් ද බිඳ හෙලූවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 05 කදී කඩුලූ 07 ක් දැවී ලකුණු 127 ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 26 ක්ද ඒරොන් ෆින්ච් ලකුණු 24 ක්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 33 කට කඩුලූ 04 ක් දවා ගනු ලැබුවා.

මේ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ටේ‍රලියානු පිල සමත් වුණා.

දෙරට අතර 03 වන පන්දුවාර 20 තරගය ලබන සෙනසුරාදා පල්ලේකැලේ හිදි පැවැත්වීමට නියමිතයි.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »