
කොවිඩ් ආසාධිත රෝගීන් හඳුනාගැනීම සඳහා සුනඛයන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඇඩිලේඩ් නුවර රෝහලක් පියවර ගෙන තිබෙනවා.
ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයන් 04 දෙනෙකු යොදාගනිමින් හදිසි ප්‍රතිකාර අංශයේ මෙම අත්හදා බැලීම සිදුකෙරෙන බව සඳහන්.
කිසියම් අයුරකින් මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සෙසු රෝහල්වලද මෙම ක්‍රමය භාවිතයට ගැනීමටයි දකුණු ඔස්ටේරලියා ප්‍රාන්ත බලධාරීන් කටයුතු යොදා ඇත්තේ.

සති 06 ක් පුරා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පැයකදී පුද්ගලයන් 100 ක් පරීක්ෂා කිරීමට මෙම සුනඛයන් පුහුණු කර තිබෙනවා.
සුනඛ ඉව හරහා කොවිඩ් රෝගීන් හඳුනාගත හැකි වුවහොත් එය කොව්ඩ් ප්‍රතිකාර සඳහා සුවිශාල පිටිවහලක් වනු ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
