නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා නොමිළයේ සූර්ය පැනල ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි ප්‍රාන්ත අයවැයට මෙම යෝජනාව ඇතුළත් අතර මෙහිදී වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 128 ක්.
අලුතින්ම සූර්ය පැනල පද්ධතියක් ස්ථාපිත කිරීමට හෝ පවතින විදුලි පද්ධතිය බලශක්තිය සුරැකෙන ආකාරයට වැඩි දියුණු කිරීමට මෙහිදී අවස්ථාව පවතිනවා.
නිවු සවුත් වේල්ස් හි නිවාස ලක්ෂ 10 කට පමණ මෙම වැඩසටහනට එක්විය හැකි බව ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරොටේ ප්‍රකාශ කලා.
සූර්ය බලයට යොමුවීම හරහා වසරකට ඩොලර් 600 ක පමණ මුදලක් ඉතිරිකරගත හැකි බවයි සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.