
මාස 05 කට පසු පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේදී එය ඩොලර් මිලියන 1920 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
එය අප්‍රේල් මාසය අවසානයේ දී සටහන්වී තිබුණේ ඩොලර් මිලියන 1812 ක් ලෙසයි.

මැයි මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ද, සුලු ඉහළ යෑමක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් මාසයේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1602 ක් ලෙස පැවති අතර මැයි මාසයේදී එය ඩොලර් මිලියන 1805 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
