වික්ටෝරියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයන් 600 කට නොමිළයේ රියදුරු පුහුණුව

වික්ටෝරියා ප්‍රාන්තයට අලුතින් පැමිණි සංක්‍රමණිකයන් 600 කට සහ අඩු පහසුකම් සහිත තරුණ තරුණියන් 2400 කට නොමිළයේ රියදුරු පුහුණුව ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වික්ටෝරියා මාර්ග සහ මාර්ග ආරක්ෂාව භාර අමාත්‍ය බෙන් කැරොල් සඳහන් කලේ පූර්ණ වෘත්තීමය පුහුණුවක් මෙහිදී ලබාදිමට නියමිත බවයි.

ප්‍රාන්ත රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කල ඩොලර් මිලියන 1.5 ක් වටිනා මාර්ග ආරක්ෂණ සැලසුමේ එක් අධියරක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

පැය 120 ක පූර්ණ රියදුරු පුහුණුවක් මෙහිදී ලබාදීමට නියමිතයි.

නව සංක්‍රමණිකයන්ට වික්ටෝරියා සමාජයට හුරුවීමත් – අඩු පහසුකම් සහිත තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබාදීමත් මෙහි අරමුණ වී තිබෙනවා.

එමගින් මාර්ග ආරක්ෂාව සහතික කරලීම ප්‍රධාන අරමුණ බවයි වික්ටෝරියා මාර්ග සහ මාර්ග ආරක්ෂාව භාර අමාත්‍ය බෙන් කැරොල් කියාසිටියේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »