
මාරවිල සහ හලාවත මුහුදු ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මාරවිල ළැගුම්හලක රැඳී සිටි පිරිමි පුද්ගලයන් 13 ක්, 09 හැවිරිදි පිරිමි දරුවෙක් සහ මෙම ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවකු පළමුවෙන් අත්අඩංගුවට ගැණුනා.
එමෙන්ම, නාවික හමුදාව හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පිරිමි පුද්ගලයන් 58 ක්, කාත්තාවන් 05 ක්, ළමුන් 07 ක් සමග ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව්, මාරවිල, මීගමුව, හලාවත, පුත්තලම, කල්පිටිය සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදී තිබෙනවා.
