Search

ජීවන වියදම ක්ෂණිකව පාලනය නොවනු ඇතැයි අගමැති කියයි

ජීවන වියදම පාලනයට වත්මන් ලේබර් රජය විසින් පියවර රැසක් හඳුන්වා දුන්නද ක්ෂණික විසඳුම් අපේක්ෂා කල නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පොළී අනුපාත ඉහළ යාම හමුවේ පවුල් රැසකට දරාගත නොහැකි බරක් පැටවෙන බව තමා දැනුවත් යැයි ඔහු සඳහන් කලා.

ගාස්තු සහ විදුලි බිල් ගාස්තු සඳහා කිසියම් සහනයක් දිය හැකි දැයි විමසා බලමින් සිටින බවත් අගමැතිවරයා කියාසිටියා.

ඔහු මෙම අදහස් පළකලේ ඉන්දුනීසියා නිල සංචාරය අවසන් කර අද පෙරවරුවේ ඩාර්වින් වෙත පැමිණි අවස්ථාවේදීයි.

මේ අතර පැවති ස්කොට් මොරිසන් රජය විසින් හි ඡන්ද ප්‍රකාශවීම වැළැක්විමට කටයුතු කල බවටයි අගමැති ඇල්බනීස් මෙහිදී චෝදනා කලේ.

ඇතැම් ඡන්ද කොට්ඨාශවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65 ක් වැනි පහළ මට්ටමක පැවති බවත් ඔහු කියාසිටියා.

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »