මුරුගප්පන් පවුලේ සාමාජිකයන් නැවතත් බිලෙයෝලා නගරය වෙත

ඔස්ටේ්‍රලියාව තුළ වසර කිහිපයක් පුරා ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ලාංකික ද්‍රවිඩ ජාතික පවුල හෙවත් මුරුගප්පන් පවුලේ සාමාජිකයන් ක්වීන්ස්ලන්ඩ් හි බිලෙයෝලා නගරය වෙත පැමිණ තිබෙනවා.

දේශපාලන රැකවරණ ප්‍රතික්ෂේපවීමත් සමග 2018 වසරේදී මොවුන් රැඳවුම් භාරයට පත්වූ අතර අනතුරුව දැඩි කතාබහක් නිර්මාණය වූයේ බාලම දැරිය රෝගීවිමත් සමගයි.

පැවති ස්කොට් මොරිසන් රජය මෙම පවුලේ සාමාජිකයන් 04 දෙනාටම Bridging වීසා නිකුත් නොකිරීම දැඩි ආන්දෝලනාත්මක කරුණක් වූ අතර පසුගිය මැතිවරණයේදී පවා එය ප්‍රධාන සාධකයක් බවට පත්වුණා.

ඇන්තනී ඇල්බනීස් රජය විසින් මොවුන්ට Bridging වීසා නිකුත් කිරීමත් සමග නැවතත් බිලෙයෝලා නගරය වෙත පැමිණීමට මොවුන්ට අවසර හිමිවුණා.

කෙසේවෙතත් ඔවුන්ට තවමත් ස්ථිර පදිංචියක් පිරිනමා නැහැ.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »