කොරියානු රැකියා ප්‍රශ්ණයට තිත – ඊයේ 119 ක් කොරියාවට – මාස 06 ක් තුළ 5800 ක්

විදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිගය නැති කළ හැකි බවද කොරියානු රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටි 5800කට ආසන්න පිරිසක් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොරියාවට පිටත්ව යාමට නොහැකිව පීඩාවට පත්ව සිටි අතර ඔවුන් කඩිනමින් රැකියා සදහා පිටත් කර යැවීමට කටයුතු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා සමගද ඇමැතිවරයා සාකච්ඡා කළේය.

ඒ අනුව ඉදිරි මාස හයක කාලයක් තුළදී කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපෙක්ෂාවෙන් පසුව 5800 දෙනාම කොරියාවට පිටත් කර යැවීමට නියමිතය

එහි පළමු කණ්ඩායම ලෙස 119 දෙනෙකුගෙත් යුත් කණ්ඩායමක් අගහරුවාදා (07) රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.

කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට සුබ පැතීම සදහා මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගුවන්තොටුපොලට ගිය අතර එහිදී ශ්‍රමිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින් මෙසේ පැවසුවේය.

“අද සිට පන්දහස් අටසීයක් දෙසැම්බර් වන විට කොරියාව බලා පිටත්ව යැවීමට කටයුතු කරනවා. රටට විදේශ විනිමය අවශ්‍ය අවස්ථාවකදී තමයි ඔබ කොරියාවේ රැකියා සදහා පිටත්ව යන්නේ.

කොරියානු රැකියා සදහා පිටත් කර යවන්නේ රජය හා සම්බන්ධ වැඩපිළිවෙලක් ලෙසයි. ඔබලා කොරියාවට ගිය පසුව හොදින් රැකියාව කර ලංකාවට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කරන්න

මේ වෙලාවේ අපි තෙල් පෝලිම්වල ඉන්නවා. බෙහෙත් නෑ. විදුලිය කපනවා. මේවා විසදන්න ලෝකයෙන් ණය ගත්තොත් තවත් රට ණය කරනවා. ඒත් ඔබලා උපයන මුදල් නිවරදිව, බැංකු හරහා ගෙදරට මුදල් එව්වොත් දැනට තිබෙන ප්‍රශ්ණවලට විසදුම් සොයන්න පුලුවන්.

මේ වන විට කොරියාවේ විසි තුන්දහසක් පමණ රැකියා කරමින් සිටිනවා. ඒ අය උපයන මුදල්වලින් රටට අවශ්‍ය තෙල් ටික මිලදී ගන්න පුලුවන්. දැන් අද උදේට තෙල් ටික ගන්නේ කොහොමද කියලා බලනවා. ඉන්ධන සදහා මුදල් ගෙවීම ප්‍රමාද වූ විට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා.

අපි මේ වෙලාවේ අනෙක් සියලුම දේවල් අමතක කරලා දාන්න ඕන. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න ඕන. අපි වෙනම දේශපාලන මතවාදයක හිටපු අය. අපේ දේශපාලනය පැත්තකට දාලා දේශපාලන තීන්දුවක් ගත්තේ රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකම ඉටු කිරීමට අවශ්‍ය නිසයි.

මේ වෙලාවේ ඔබත් ඔබේ යුතුකම ඉටු කරන්න ඕන. ඔබේ පවුලේ අය අතහැරලා රට යන්නේ. ඔබලා රට සිටියදී අම්මා ගෑස් පෝලිමේ ඉන්නවානම්, දරුවන්ට බෙහෙත් ටික නැතිනම් ඔබලා සැප විදලා වැඩක් නෑ. ඔබලා උපයන මුදල් නිවරදිව බැංකු ක්‍රමය ඔස්සේ එව්වොත් බෙහෙත් හිගය නැති කරන්න, අම්මලා ගෑස් පෝලිමේ ඉන්න එක නතර කරන්න පුලුවන්කමක් ලැබේවි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »