පළමු T20 තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට ළකුණු 129 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට ළකුණු 129 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19 යි පන්දු 03 ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 128 ක්.

චරිත් අසලංක 38 ක්ද – පැතුම් නිස්සංක 36 ක්ද – ධනුෂ්ක ගුණතිලක 26 ක්ද ලබාගත්තා.

ජොෂ් හේසල්වුඩ් ළකුණු 16 කට කඩුලු 04 ක්ද මිචෙල් ස්ටාර්ක් ළකුණු 26 කට කඩුලු 03 ක්ද බිඳහෙලුවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »