ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු රාජ්‍ය පාසල්වල සිසුන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි ප්‍රාන්ත අයවැයෙන් ඒ සඳහා ඩොලර් මිලියන 13.3 ක මුදලක් වෙන් කෙරෙන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.
පාසල් තුළ ස්ථාපිත කෙරෙන Vending Machine හරහා මෙම ද්‍රව්‍ය සිසුන්ට ලබාදීමට නියමිත අතර ඕනෑම පාසලකට ඒ සඳහා ඉල්ලුම් කල හැකි වනවා.
වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලද මීට සමගාමීව සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමේ නියමු ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මකයි.
ජීවන වියදම ඉහළයාම හමුවේ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා වන වියදම් කපා හැරීමේ අරමුණ ඇතිවයි මෙම පියවර ගෙන ඇත්තේ.