ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සමස්ත මුදලම, දැනට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය වෙත එම මුදල් ලබාදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ.
ඔස්ටේ්‍රලියානු සංචාරයෙන් ඩොලර් මිලියන 2.5 ක ආදායමක් අපේක්ෂා කරන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
ඔස්ටේ්‍රලියා කණ්ඩායමෙන් පසු පකිස්ථාන කණ්ඩායම මෙරටට පැමිණිමට නියමිත බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.
අනතුරුව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.