
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂ 04 කට වැඩි පිරිසක් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැරසෙන බවට වාර්තා පළවනවා.
රාජ්‍ය සේවකයන් – ගුරුවරුන් – හෙදියන් – පොලිස් නිළධාරින් – බන්ධනාගාර අංශ – පිරිසිදු කරන්නන් – සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු පිරිස් ඊට අයත්.
වෘත්තීය සමිති විසින් සියයට 05 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියද ප්‍රාන්ත රජය විසින් ලබාදීමට සූදානම් වන්නේ සියයට 2.5 ක පමණ වැටුප් වැඩිවීමකුයි.

එබැවින් අංශ රැසක් ඉදිරියේදී වර්ජන ක්‍රියාමාර්ගවට එළැඹෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
කෙසේවෙතත් මෙම ගැටලුව කාර්මික ආරාවුල් බේරුම්කරණ කොමිසම හමුවට යනු ඇතැයිද අනාවැකි පළවනවා.
