NSW ගිලන් රථ සේවය සඳහා අලුතින් සේවකයන් 2128 දෙනෙකු බඳවා ගනී

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිලන් රථ සේවය සඳහා අලුතින් සේවකයන් 2128 දෙනෙකු බඳවා ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ගිලන් රථ මධ්‍යස්ථාන 30 ක්ද ප්‍රාන්තය තුළ ස්ථාපිත කෙරෙන අතර මේ සඳහා වැය කෙරෙන සමස්ත මුදල ඩොලර් බිලියන 1.76 ක්.

රටේ හොඳම සෞඛ්‍ය සේවය සපයන ප්‍රාන්තය බවට නිවු සවුත් වේලස් පත් කිරීමේ අරමුණ ඇතිව එම පියවර ගන්නා බවයි ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කලේ.

ඉදිරි වසර 04 සඳහා නිවු සවුත් වේල්ස් හි නව වෛද්‍යවරුන් – හෙදියන් – සහයක කාර්ය මණ්ඩලය ඇතුලු පිරිස් බඳවා ගැනීමටද නියමිත බව ඔහු කියාසිටියා.

https://www.9news.com.au/national/nsw-ambulance-to-receive-major-boost/3d3cae0c-0986-4533-9798-7b0e7fe8363f

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »