රාජපක්ෂලාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවා : රනිල්

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුද හමුවේ අසල්වැසි ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඉන්දීය එන් ඩී ටී වී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට සහය ලබාදෙන ප්‍රධාන රට ඉන්දියාව බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා තවත් රටවල් ඉදිරිපත්ව සිටින නමුත් ඉන්දියාව මේවනවිටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවතින්නේ පාඩු ලබන තත්ත්වයක බැවින් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක ඒ වෙනුවෙන් තවදුරටත් සහය ලබාදිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

ජනතාවගේ විරෝධතා පවතින පසුබිමක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයින්ට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක් දැයි සම්මුඛ සාකච්ඡාවට එක්වූ මාධ්‍යවේදිනිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඔවුන් නීතිමය තත්ත්වයන් උල්ලංඝණය කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

එය රාජපක්ෂවරුන්ට පමණක් නොව ඕනෑම අයෙකු සම්බන්ධයෙන් වලංගු වන බවත්, නීතිය උල්ලංඝණය කර ඇති ඕනෑම පාර්ශවයකට දඩුවම්ද ක්‍රියාත්මක වනු ඇති බවත්, එම කටයුතු විමර්ශන ආයතන සතු බවත් අග්‍රාමාත්‍යවරයා අදාළ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »