
විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ ඡායා කැබිනෙට්ටුවට කාන්තා නියෝජිතයන් 10 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
කැබිනෙට්ටුවේ සිටින සමස්ත සාමාජිකයන් ගණන 24 ක්.
එයින් සැළකිය යුතු පිරිසක් නවකයන් වීම විශේෂත්වයක්.

හිටපු විදේශ ඇමතිනී මරිස් පේන් ඡායා කැබිනට්ටුවේ ලේකම් ධුරය හොබවනු ඇති.
නිපුණතා – ආරක්ෂක – ස්වදේශ කටයුතු – කම්කරු – සෞඛ්‍ය ඇතුලු ඉහළම ඡායා ඇමති ධුර සියල්ල කාන්තාවන් විසින් හොබවනු ලැබීම විශේෂත්වයක්.
