Ausලංකා TV ප්‍රවෘත්ති හෙට සිට ගෙදර TV එකෙන්ම බලන්න

ඔස්ටේ්‍රලියාව තුළ ලාංකික පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට මේ වනවිට පත්ව සිටින Ausලංකා TV තවත් ඉදිරි පියවරක් හෙට සිට තැබීමට සූදානම්.

මෙතෙක් අන්තර්ජාලය හරහා ඔබ නැරඹූ Ausලංකා TV ප්‍රවෘත්ති විකාශය හෙට එනම් ජූනි 06 වනදා සඳුදා සිට C31 Melbourne නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සෑම සඳුදා දිනයකම පෙරවරු 07 ට දෙස් – විදෙස් – ක්‍රීඩා ඇතුලු සියලු නැවුම් පුවත් රැගත් Ausලංකා TV පුවත් විකාශය ඔබට නැරඹීමට අවස්ථාව සළසා දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.

රූපවාහිනියේ නාලිකා අංක 44 ඔස්සේ C31 Melbourne නාලිකාවෙන් හෙට සිට සෑම සඳුදා දිනයකම Ausලංකා TV පුවත් ප්‍රකාශය සමග එක්වන ලෙස ඔබට මින් ඇරයුම් කෙරේ.

ඉදිරියේදී තවත් පෙරළිකාර වෙනස්කම් රැසක් ඔබ වෙත ළංකර දීමටද Ausලංකා TV සූදානම්.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »