නාසි ස්වස්තිකය තහනම් කල 04 වන ප්‍රාන්තය බවට ටස්මේනියා පත්වෙයි

ස්වස්තිකය ඇතුලු නාසි සංකේත ප්‍රසිද්ධියේ භාවිතය තහනම් කල 04 වන ප්‍රාන්තය බවට ටස්මේනියා පත්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙහිදී තහනම් වනුයේ හිට්ලර්ට අයත් නාසි සංකේතය පමණක් වන අතර බෞද්ධ හෝ වෙනත් ආගම්වලට අයත් ස්වස්තික සංකේත සඳහා බලපෑමක් වන්නේ නැහැ.

නාසි ස්වස්තිකය තහනම් කල පළමු ප්‍රාන්තය වූයේ වික්ටෝරියා ප්‍රාන්තයයි. ඒ මැයි 11 වනදායි.

එතැන් සිට ක්වින්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයන්ද නාසි ස්වස්තිකය තහනම් කරනු ලැබුවා.

කෙසේවෙතත් අන්තර්ජාලය ඔස්සේ මෙම සංකේත භාවිතය සම්බන්ධයෙන් මේ දක්වා රෙගුලාසියක් ප්‍රසිද්ධ කර නැහැ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »