Search

එක් දින සේවය සදහා ඉල්ලුම ඉහළ ගොස් සාමාන්‍ය සේවය යටතේ අයදුම්කරුවන් අසීරුතාවට

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමග විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ එක් දින සේවය සදහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්කළ අයදුම්කරුවන් අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

රුපියල් 15,000 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව එක්දින සේවයෙන් එදිනම විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි වනවා.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අයදුම්කරුවන්ට විදේශ ගමන් බලපත්‍රය හිමිවන්නේ සිය අයදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයට භාරදී දින 14 ක් ඇතුළතයි.

එම සේවාව යටතේ අයැදුම්කරුගේ නිවසටම තැපැල් මගින් විදේශ ගමන් බලපත්‍රය යොමු කෙරෙනවා.

කෙසේවෙතත් එක්දින සේවයට පවතින ඉල්ලුම ඉහළයාම හේතුවෙන් සාමාන්‍ය ක්‍රමයට යොමුවන අයදුම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම දින 45ක් පමණ කාලයක් දක්වා ප්‍රමාද වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහෙත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා පවතින ඉල්ලුම හේතුවෙන් එක්දින සේවයෙන් එම බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පිරිස් ද දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පද්ධතිය සකස් කර ඇත්තේ දෛනිකව විදේශ ගමන්බලපත්‍ර 2,000 ක් නිකුත් කිරීම සඳහා පමණයි.

එහිදී එක්දින සේවය යටතේ මෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර 1000 බැගින් නිකුත් කෙරෙනවා.

එහෙත් මේවනවිට පවතින තත්ත්වය හමුවේ දෛනිකව එක්දින සේවය යටතේ මෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා 3500 ක් පමණ අයැදුම්කරුවන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙමින් සිටිනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »