Search

ප්‍රවීණ නිළි සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිළි සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 73 ක්.

70 දශකයේ ජනප්‍රියම නිළියක ලෙස විටෙක මාලිනි ෆොන්සේකාට ද අභියෝගයක් වූ දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහයන් අද දින සිය ජීවන ගමන නිමාකළාය.

හදිසි අසනීප තත්ත්වයක් මත ඇය රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්වූ බව ඇගේ සමීප අසල්වැසියෙකු වන ප්‍රේමා කපුගේ තහවුරු කළ අතර මියයන විට ඇය 73වැනි වියෙහි පසුවූවාය.

මහනුවර රණවන දී උපත ලැබු ඇය පාසල් වේදිකාවේ රඟමින් 1964 වසරේ දෙහිවල පැවතී අවුරුදු කුමාරි තරඟයෙන් මුල් තැන දිනා ගනිමින් 1965 වසරේ “මිස් මේරේ ලාල්” ලෙස ද කිරුළු පැළැඳිය.

ඇය ජනතා පුවත්පතේ “ලස්සන මුහුණු” තරඟයෙන් දෙවැනි තැන ලබා සිනමා නිළි වරම් ලැබීය.

රුබි ද මෙල්ගේ “පිපෙන කුමුදු” චිත්‍රපටයේ ප්‍රථම රංගනය ඉදිරිපත් කළ ඇය රෝයි ද සිල්වා සමග විවාහ වීමෙන් පසු “සුනේත්‍රා”, “සූකිරි කෙල්ල”, “ඔබයි මමයි” වැනි චිත්‍රපටවලින් ජනප්‍රියත්වයට පත් වුවාය. “රෑන ගිරව්”, “දැන් මතකද”, “මේ දෑස කුමටද”, “ලොකුම හිනාව”, “ටොම්පචයා”, “සුදු පරවියෝ”, “කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය”, “තණ ගිරවි”, “ගෙදර බුදුන් අම්මා” වැනි චිත්‍රපට ගණනාවක රංගනය කළ ඇය “ටොම්පචයා”, “තණ ගිරවි”, “සුදු පිරුවට”, “චෙරියෝ ඩොක්ටර්” වැනි චිත්‍රපට ගණනාවක් නිෂ්පාදන කළාය.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »