හෝටල් නිරෝධායනයේ සිට $ මිලියන 58.6 ක පොලු තිබූ පිරිස්වලට නඩු

හෝටල් නිරෝධායනය සඳහා මුදල් නොගෙවූ පුද්ගලයන් සොයා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විශේෂ වැටලීමක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ලැබීමට ඇති මුදල ඩොලර් මිලියන 58.6 ක් බව සඳහන්.

ඉන් ඩොලර් මිලියන 32.1 ක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින්ද මිලියන 26.5 ක් වෙනත් ප්‍රාන්තවල සිසුන් විසින්ද ගෙවිය යුතු වනවා.

2020 මාර්තු සහ 2021 නොවැම්බර් අතරදී ඔස්ටේ්‍රලියාවට පැමිණී සැම අයෙකුම දින 14 ක හෝටල් නිරෝධායනයට යොමු කර තිබුණා.

එය පළමුවෙන් නොමිළයේ ආරම්භ වුවද 2020 ජූලි සිට ගාස්තු අයකිරීමටයි නිවු සවුත් වේල්ස් රජය පියවර ගත්තේ.

කිසියම් අයුරකින් තවදුරටත් බිල් නොගෙවන පුද්ගලයන් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනෙනු ඇති.

 

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »