Search

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 01 සහ 02 වන T20 තරඟ සඳහා සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජුනි 07 සහ 08 දෙදින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 1 වන සහ 2 වන T20 තරඟ සඳහා සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර පල්ලකැලේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර ජුනි 08 වැනිදා සහ ජුනි 26

වැනිදා සිට මිලදී ගැනීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව උදාවෙනු ඇති.

අන්තර්ජාල ඔස්සේ වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර ඉහත සඳහන් ස්ථානවලින් මෙන්ම තරග පැවැත්වෙන දිනයන්හි එදින දොරටුවෙන්ද ලබාගත හැකි වන ආකාරයටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සැලසුම් කර ඇත්තේ.

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා රුපියල් 300, 500, 1000, 5000 සහ 7500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත්‍ර අලෙවි වනු ඇති.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »