ගුරු හිගය මගහරවාලීම සඳහා නිවු සවුත් වේල්ස් රජය අලුත් වැඩක

පාසල් ගුරු හිගය මගහරවාලීම සඳහා fly-in fly-out (FIFO) ක්‍රමයට ගුරුවරුන් බඳවා ගැනීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රාදේශීය කලාපවලින් ගුරුවරුන් ගෙන්වා casual ක්‍රමයට පංති කාමර සඳහා ඔවුන් අනුයුක්ත කිරීම මෙහිදී සිදුවනු ඇති.

කොවිඩ් 19 සහ Flu වෛරස් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වනවිට උග්‍ර ගුරු හිගයක් නිර්මාණය වී තිබෙනවා.

එය වැළැක්වීම සඳහා FIFO ක්‍රමයට ගුරුවරුන් ගෙන්වා ගැනීමට ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇති නමුත් ඊට ප්‍රාන්ත විපක්ෂය විසින් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

මෙය ගුරු හිගයට සැබෑ විසඳුමක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »