Search

වසර 02 කදී Dual Citizenship අයදුම්පත් 22,388 ක්

ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship) සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණයවිය.

මේ ඉල්ලුම්පත් ලැබී තිබුණේ 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර දෙකක කාලයේදීය.

එහෙත් මින් කටයුතු නිම කර තිබුණේ අයදුම්පත් 10,077ක පමණක් බව එහිදී හෙළිවී ඇත.

මුදල් ගෙවීමේ ප්‍රමාදය ලියකියවිලි අඩුපාඩු ,ආරක්ෂක නිෂ්කාශන සහතික ප්‍රමාදවීම,අයදුම්පත් විශාල ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා එකවර ඉදිරිපත් කළ විට අමාත්‍යවරයාගේ අත්සන ලබා ගැනීම ප්‍රමාද වීම වැනි හේතු මත ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ප්‍රමාද වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

එක් අයෙකු හෝ දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වන මවුපියන්ට දාව විදේශ රටවල උපත ලැබූ දරුවන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති ප්‍රමාදයන් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කළ කාරක සභාව මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට නිලධාරීන්ට නිර්දේශ කළේය.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »