රැජිණගේ ඇවෑමෙන් පසු ඔස්ටේ්‍රලියාව ජනරජයක් වන ළකුණු

කිසියම් දිනක දෙවන එළිසබෙත් මහ රැජිණ මියගියහොත් හෝ රාජ්‍යත්වයෙන් ඉවත් වුවහොත් තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඔස්ටේ‍රලියාව කටයුතු නොකල යුතු බවට ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි යෝජනා කරනවා.

ඒ අනුව ඔස්ටේ්‍රලියාවද ජනරජයක් බවට පත්වනු ඇති බවයි ඔහු සඳහන් කලේ.

රැජිණගේ පදවි ප්‍රාප්තියේ 70 වන වසර සැමරුම සැමරීම සඳහා මේ දිනවල ලන්ඩන් නුවර පැවැත්වෙන උත්සව මාලාවට ආණ්ඩුකාර ජනරාල්වරයාද සහභාගී වී සිටිනවා.

කෙසේවෙතත් මෙම යෝජනා සියල්ල ඔස්ටේ්‍රලියානු ජනතාව විසින් අනුමත කල යුතුව ඇති බවයි ඩේවිඩ් හර්ලි සඳහන් කරන්නේ.

ඒ අනුව රැජිණගේ ඇවෑමෙන් පසු පාර්ලිමේන්තුව ප්‍රමුඛ කරගත් නව ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇතැයිද ආණ්ඩුකාර ජනරාල්වරයා කියාසිටියා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »