Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක දැඩි සුළං සහ ශීත කාළගුණය ඉදිරි දින කිහිපය තුළත්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක ඉදිරි දින කිහිපය තුළ දැඩි සුළං සහ ශීත කාළගුණයක් පවතිනු ඇතැයි කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

අද රාත්‍රිය වනවිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයටත් – හෙට හෝ සඳුදා වනවිට වික්ටෝරියා හා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයටත් පැයට කිලෝමීටර් 90 ක පමණ වේගයෙන් හමායන සුළං අපේක්ෂා කෙරෙනවා.

මෙම තත්වයේ අඩුවක් බලාපොරොත්තුවිය හැකි වන්නේ ලබන අගහරුවාදා හෝ බදාදා වනවිටයි.

අදාල ප්‍රාන්ත 03 හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 08 ත් 11 ත් අතර පැවතිය හැකියි.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි හිම ක්‍රීඩා කලාප තුළ සෙන්ටිමීටර් 20 ත් 45 ත් දක්වා හිමපතනයක් අපේක්ෂා කෙරෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »