ලංකාවේ පාපැදිත් ලීසිං ක‍්‍රමයට ?

කල්බදු හෙවත් ලීසිං ක්‍රමයට පාපැදි ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ලීසිං සමාගම් කිහිපයක් සැලසුම් කරමින් සිටින බවට වාර්තා පළවනවා.

පා පැදිවලට අධි ඉල්ලූමක් නිර්මාණය වී තිබීමත් සමග පාපැදි මිල විශාල ලෙස ඉහළ යාම ඊට හේතුවයි.

පාරිභෝගිකයන්ට ඒවා ගෙවීමේ ක්‍රමයට ලබාදීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පාපැදි කරා නැඹුරු වෙමින් පවතින බව සඳහන්.

මෑත කාලයේ දී පාපැදි අලෙවිසැල් වෙත විශාල පිරිසක් පැමිණෙමින් ඇති අතර පාපැදි මිල රුපියල් 40,000 ත් 50,000 ත් අතර අගයක පවතින බවටයි වාර්තා පළවන්නේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »