
දොම්පේ සුවිසල් නිවසට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තවත් අයෙකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවිරයි නියෝගය ලබාදුන්නේ.
පැමිනිල්ල විසින් සාධරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර නොමැති බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බවයි විනිසුරුවරයා දන්වා සිටියේ.

අක්කර 16 ක ඉඩමක් මිලයට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුලු අධි චෝදනා 03 ක් යටතේයි නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණේ.
මෙම තීන්දුව ඉකුත් මැයි මස 13 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද රටේ පවතින අයහපත් වාතාවරණය මත බැසිල් රාජපක්ෂත් – අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් අනෙක් විත්තිකරුත් මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඔවුන්ගේ නීතීඥයන් මහාධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබා දීම අද දිනය දක්වා කල් තැබුණා.