
පණපිටින් බැටලුවන් අපනයනය තහනම් කිරීමට ලේබර් රජය තීරණය කර තිබෙනවා.
ගුවන් සහ නාවික යන ක්‍රම දෙක සඳහාම එය බලපැවැත්වෙන බවයි ෆෙඩරල් කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් සඳහන් කලේ.
කෙසේවෙතත් සකස් කල බැටලු මස් අපනයනයට මෙමගින් කිසිදු බලපෑමක් නොමැති බවද ඔහු තහවුරු කරනවා.

2021 වසරේදී ඔස්ටේ්‍රලියාව විසින් බැටලුවන් 552,957 ක් මුහුදු මාර්ගයෙන් අපනයනය කර තිබූ අතර තවත් 22,572 ක් ගුවන් මාර්ගයෙන් වෙනත් රටවලට යවා තිබුණා.
එහි වටිනාකම ඩොලර් මිලියන 92 කට ආසන්න බවයි සංඛ්‍යාලේඛණ පවසන්නේ.

ඔස්ටේ්‍රලියානු නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගන්නා බවයි ඔස්ටේ්‍රලියානු කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.