ඉදිරි වසර 25 දී ඔස්ටේ්‍රලියාවෙන් පිළිකා මරණ ලක්ෂ 15 ක්

2020 න් ආරම්භ වූ ඉදිරි වසර 25 ක කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලය ඇතුලු පාර්ශව කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

2020 සිට 2044 වසර දක්වා කාලය තුළදී අලුතින් පිළිකා රෝගීන් ලක්ෂ 45 කට වැඩි පිරිසක් හඳුනාගනු ඇතැයිද ඉන් ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සුවය ලබනු ඇතැයිද මෙහිදි හෙළිවී තිබෙනවා.

වහා නිසි අධ්‍යයනයක් සිදුකලහොත් මෙම මරණ සංඛ්‍යාව අඩු කරගත හැකිවනු ඇතැයිද සමීක්ෂකයන් පෙන්වා දී ඇතැයි සඳහන්.

කෙසේවෙතත් 2020 වසරට පෙර වසර 25 හා සැසඳීමේදී මෙම මරණ සංඛ්‍යාව සියයට 20 ක පමණ පහළයාමක් බවටයි මෙහිදී වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »