Search

NSW රජය ආධුනිකයන් 70,000 කගේ පාඨමාලා ගාස්තු කපාහරී

ආධුනිකයන් 70,000 කගේ පාඨමාලා ගාස්තු කපා හැරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

පවතින නිපුණතා ශ්‍රමික හිගය මගහරවාලීමේ අරමුණ ඇතිවයි එම තීරණය ගෙන ඇත්තේ.

2019 වසරේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් 80,000 ක පමණ පිරිසක් නොමිළයේ පුහුණු කර ඇති අතර තවත් ලක්ෂයකට ආසන්න පිරිසක් සඳහා ඉදිරියේදී මෙම වරප්‍රසාදය ලබාදීමට නියමිතයි.

දැනට දැඩි හිගයක් පවතින ගෘහ අලංකරණය – රථවාහන කර්මාන්තය – සෞඛ්‍ය – ඉදිකිරීම් සහ ප්‍රජා සේවා වැනි අංශවල ආධුනිකයන් මීට අයත් වනවා.

ඇතැමුන්ට මෙහිදී ඩොලර් 10,000 ක පමණ ඉතුරුවක් වන බවයි අනාවරණ වී ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »