ඔස්ට්‍රේලියාවට එරෙහිව මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන්වයි

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු නායකයෙකු සහ වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අදාල ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සදහා අනිද්දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනිද්දා පෙරවරු 09 යි 30 සිට සිට එම ටිකට්පත් මිළදි ගත හැකියි.

මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර මිළදි ගැනීමටද අවස්ථාව පවතින අතර ඒ සදහා ක්‍රිකට් ආයතනයේ නිළ වෙබ් අඩවියෙන් අවස්ථාව හිමිවනවා.

රුපියල් 300 සිට 7500 දක්වා කාණ්ඩ යටතේ ප්‍රවේශපත්‍ර මිළට ගත හැකියි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ජූනි 08 වැනිදා සිට ප්‍රවේශපත් අලෙවිය සිදු කෙරෙන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන්නේ ජූනි 26 වනදා සිටයි.

තරග පැවැත්වෙන දිනවලදී තරග පැවැත්වෙන ක්‍රීඩාංගන දොරටුවෙන් ප්‍රවේශපත්‍ර මිළදී ගැනිමේ හැකියාවක් නැහැ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »