ඩොලර් බිලියන 03 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය

අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනමින් ලබාගැනීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බවයි රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම මාසය අවසන් වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකÛතාවකට එළඹීමට බලාපොරොත්තු වන බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගියදා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ.

ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධන ඉදිරිපත් කිරීම, වැට් බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සියලූ භාණ්ඩ හා සේවා මත මෙතෙක් සියයට අටක්ව පැවති වැට් බදු අනුපාතය සියයට 12 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය පෙරේදා දිනයේදී කටයුතු කලා.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »