
ඉදිරි දින කිහිපයේදී ප්‍රාන්ත කිහිපයක ගෑස් සැපයුමට බාධා එල්ලවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.
වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත ඒ අතර වනවා.
භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ පවතින අධික ශීත කාළගුණයත් සමග ගෑස් සැපයීම පූර්ණව සිදුකල නොහැකි වීම ඊට හේතුව බවයි.

තත්වය විසඳීමට ෆෙඩරල් රජය පියවර ගනිමින් සිටින බවද ඔහු කියාසිටියා.
ගෑස් සැපයුම අඩුවීමත් සමග ජනතාව විදුලිය භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වුවහොත් ජීවන වියදම ඉහළ යනු ඇතැයිද මෙහිදී අනාවැකි පළවනවා.
