
ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාවන්ට සංශෝධනයක්
An amendment to the age limit for children and youth in Sri Lanka
ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබේ.
ඒ සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට අද (16) ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන ලෙස විවිධ පර්ශ්ව රජයෙන් ඉල්ලා තිබුණා.
මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 ත් 22 ත් අතර ලෙස සංශෝධනය කෙරෙනු ඇති බව වාර්තා වේ.
දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 ත් අතර වයස් සීමාව සැලකෙනවා.