
ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා 06/01 දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ .
මෙයින් පළමු කණ්ඩායම 06/01 දින සවස 05.03 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කොටස 06/01 දින සවස 05.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 128 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් රැගත් තුන් වන ගුවන් යානය 06/01 දින රාත්‍රී 10.25 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කොට තිබුණි .
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ මාස එකහමාරක තරම් කාළයක් රැදී සිටිමින් ටෙස්ට් තරග 02 ක් , එක් දින සීමිත ඕවර් තරග 03 ක් සහ ටී – 20 ක්‍රිකට් තරග 03 සදහා සහභාගී වීමට නියමිතය .
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලි සංචාරය නිමා කර 07/12 දින ආපසු ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය .