කැන්ගරු සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එහි නායකත්වය හිමිවී ඇත්තේ දසුන් ශානක හටයි.

පැතුම් නිස්සංක / ධනුෂ්ක ගුණතිලක / කුසල් මෙන්ඩිස් /චරිත් අසලංක / හා නුවනිදු ප්‍රනාන්දු මෙවර සංචිතයට ඇතුලත්. භානුක රාජපක්ෂද මෙම සංචිතයට ඇතුලත් ව තිබෙනවා.

ලහිරු මධුසංඛ / චාමික කරුණාරත්න / දුෂ්මන්ත චමීර / කසුන් රාජිත හා නුවන් තුෂාරද සංචිතයට ඇතුලත්.

එහි සෙසු සාමාජිකයන් වන්නේ මතීෂ පතිරණ / රමේෂ් මෙන්ඩිස් / මහීෂ් තීක්ෂණ / ප්‍රවීන් ජයවික්‍රම හා ලක්ෂාන් සදකැන් .

නිරෝෂන් දික්වැල්ල හා ජෙෆ්රි වැන්ඩර්සි සංචිතයට නම් කර ඇත්තෙ අතිරේක ක්‍රීඩකයන් වශයෙන්.

තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය ජූනි 07 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පලමු තරගය එදින රාත්‍රී 7 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »