Search

Head Coach මෙල්බන් තියා ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට යයි

ප්‍රධාන පුහුණුකරු නොමැතිව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය බලා පැමිණ තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් ට කොවිඩ් වැළඳීම ඊට හේතුවයි.

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබෙනවා.

පන්දුවාර 20 තරග සඳහා ක්‍රීඩා කරන සංචිතයයි පළමුවෙන් පැමිණ ඇත්තේ.

එක්දින සහ ටෙස්ට් සංචිත මෙම සතිය අගභාගයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔස්ටේ්‍රලියා ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් දින 07 ක් මෙල්බන් හි හුදකලාව සිටිනු ඇති.

කෙසේවෙතත් ඔහු 02 වන පන්දුවාර 20 තරගයට පෙර කොළඹට පැමිණීමට නියමිත බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කර ඇති පරිදිම පැවැත්වෙන අතර පන්දුවාර 20 තරග 03 ක් – එක්දින තරග 05 ක් සහ ටෙස්ට් තරග 02 ක් මෙම සංචාරයට ඇතුළත්.

පළමු පන්දුවාර 20 තරගය ලබන 07 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »