එක් වරක් භාවිත ප්ලාස්ටික් අද සිට නිවු සවුත් වේල්ස් තුළදී තහනම්

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාවිතය අද සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළදී තහනම් වනවා.

ප්‍රාන්තයේ ඉවතලන කැළිකසළ අතුරින් සියයට 60 ක් පමණ මෙම ඝනයට යටත්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව වෙළඳසැල් බෑග් – ප්ලාස්ටික් හැඳි – බිම බට වැනි දෑ භාවිතය තහනම් වනු ඇති.

කෙසේවෙතත් ආබාධිත ජනතාව වැනි පිරිස් සඳහා සහනයක් සැළසෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

මෙමගින් එක් වරක් පමණක් භාවිත කල හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය බිලියන 2.7 ක් පමණ එක්රැස් නොවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙම නීතිය පළමුවෙන් ක්‍රියාවට නැංවූයේ 2009 වසරේදී දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් වන අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද ඊට එක්වීමත් සමග සියලුම ප්‍රාන්ත මේ වනවිට තනි භාවිත ප්ලාස්ටික් භාවිතය තහනම් කර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »