විදේශ ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට ඔස්ටේ‍රලියානුවන් අතර දැඩි උනන්දුවක්

ශීත සෘතුව එළැඹීමත් සමග විදේශ ගමන් බලපත්‍ර අලුත් කරගැනීමට ඔස්ටේ‍රලියානුවන් අතර දැඩි උනන්දුවක් හටගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී සිඩ්නි විදේශ ගමන් බලපත් කාර්යාලයේ පැය 4 – 5 ත් අතර වේලාවක දිගු පෝලිම් දක්නට ලැබුණු බව සඳහන්.

පසුගිය කොවිඩ් කාලය තුළ විදේශ ගමන් බලපත් ලක්ෂ 14 ක් පමණ කල් ඉකුත්ව ගොස් තිබුණා.

ඒවා අලුත් කිරීමට බොහෝ පිරිසක් මේ දිනවල කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ මුල් මාස 03 තුළදී නව විදේශ ගමන් බලපත් ලක්ෂ 04 ක් පමණ නිකුත් කර ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී දෙගුණයක් ඉහළයාමක්.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටින්නේ විදේශගතවීමට අවම වශයෙන් සති 06 කට පෙර හෝ විදේශ ගමන් බලපත්‍රය අලුත් කරගන්නා ලෙසයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »