
වික්ටෝරියා ප්‍රාන්තයට අද දිනයේදීත් දැඩි ශීත කාළගුණයක් පවතිනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.
ලබන සෙනසුරාදා දක්වා මෙල්බන් ඇතුලු ප්‍රදේශ ගණනාවක වැසි – දැඩි සුළං සහ කුණාටු තත්වයන් පවතිනු ඇති බව සඳහන්.
වික්ටෝරියා හි කඳුකර ප්‍රදේශ රැසක ඊයේ දිනයේදී සෙන්ටිමීටර් 15 ත් 20 ත් අතර උසකට හිම පතනය වී තිබුණා.

එම තත්වය අද දිනයේත් අපේක්ෂා කෙරෙනවා.
ප්‍රාන්තයේ බොහෝ හිම ක්‍රීඩා කලාපවල ඊයේ මෙන්ම අද දිනයේත් උෂ්ණත්වය සෘණ අගයන් සටහන් වනු ඇති බවයි කාළගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
