ලංකාවට එද්දී ෆුල් ටෑංක් කරගෙන එන්න – ගුවන් සමාගම්වලට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දී නැවත ආපසු පැමිණිය හැකිවන සේ සිය ඉන්ධන ටැංකි පූර්ණ මට්ටමින් තබා ගෙන හෝ වෙනත් ස්ථානයකින් නැවත පුරවා ගැනීමට සැලසුම් කර ගෙන ගමන් කරන මෙන් ජාත්‍යන්තර ගුවන් සේවාවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රෙහාන් වන්නියප්පා පවසන්නේ මේ වන විට ගුවන් යානා ඉන්ධන හිඟයක් පවතින් බැවින්, එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමාණවත් වන පරිදි ගුවන් යානා ඉන්ධන රැගෙන යාමට කටයුතු කරන ලෙස ගුවන් සමාගම් වෙත දැනුම් දෙන බවයි.

මේ අතර බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ ශ්‍රීලංකන් ගුවන්යානා සඳහා ඉන්ධන නැවත

පිරවීම මේ වන විට දකුණු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළ සහ ඩුබායි ගුවන්තොටුපළ වෙතින් සිදුකෙරන බවයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන, ආහාර ඇතුළු සෑම අංශයකින්ම හිඟයකට මුහුණ දී ඇති බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 මැයි මාසයේ දී ශ්‍රී ලංකාව විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට කටයුතු කර ඇති බවත් බ්ලූම්බර්ග් වැඩිදුරටත් වාර්තා කර සිටී.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »