ශෂී වීරවංශට ඇප

SHASHEE WEERAWANSA

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ

සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගිය සිකුරාදා නියෝග කලේ.

එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශගේ නීතීඥයන් එදිනම ඇප අයදුම්පතක් ඉදිරිපත්කල අතර එය සළකා බලමිනුයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »