මැතිවරණයේදී දුන් සියලු පොරොන්දු ඉටු කරන බව අගමැති කියයි

මැතිවරණ ප්‍රචාරක සමයේදී ලබාදුන් සියලු පොරොන්දු ඉටු කරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.

විශේෂයෙන් සුරක්ෂිත රැකියා පිළිබඳ දුන් පොරොන්දු සහ medi care සහ aged care වැනි අංශ සම්බන්ධයෙන් තම වැඩි අවධානයක් යොමුවී ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී ලේබර් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අමතමින් අගමැතිවරයා කියාසිටියේ.

ෆෙඩරල් දූෂණ මර්දන කොමිසම අනිවාර්යයෙන් මෙම වසර තුළදී හඳුන්වාදෙන බවට ඇන්තනී ඇල්බනීස් ප්‍රතිඥා දෙනු ලැබුවා.

ලබන ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කෙරෙන අයවැය හරහා ජනතාවට තවත් සහන දෙන බවයි අගමැතිවරයා පොරොන්දු වූයේ.

නව රජයේ අමාත්‍ය ධුර කවරේදැයි අද පස්වරුව වනවිට අනාවරණය කිරීමටද නියමිතයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »