දැඩි හිමපතනය – තද වැසි සහ දැඩි සුළං නිසා ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම්

අයහපත් කාළගුණය හමුවේ ප්‍රාන්ත කිහිපයක දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ස්ථාන රැසකට දැඩි හිමපතනයක් සටහන්වී ඇති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

වික්ටෝරියා හි වෙත රාත්‍රිය පුරා සෙන්ටිමීටර් 15 ක් පමණ උසට හිම පතිත වී ඇතැයි සඳහන්.

මේ අතර නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂා සහ දැඩි සුළං හේතුවෙන් ගස් කඩා වැටීම හමුවේ සැළකිය යුතු පිරිසකට විදුලි බලය ඇණහිට තිබෙනවා.

බ්‍රිස්බන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් ගණනාවක් අවලංගු කිරීමට සහ ප්‍රමාද කිරීමට සිදුව ඇත්තේද දැඩි සුළං තත්වය හේතුවෙනුයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »