ක්‍රවුන් මෙල්බන් ආයතනයට $ මිලියන 80 ක දඩයක්

ක්‍රවුන් මෙල්බන් ආයතනයට වික්ටෝරියා කැසිනෝ පාලක කොමිසම විසින් ඩොලර් මිලියන 80 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ චීන මුදල් මත පණවා ඇති සීමා කඩ කර නීති විරෝධීව චීනයේ සිට ලැබුණු මුදල් ආයෝජනය කර ඇති බව කියන සිද්ධියකට අදාළවයි.

2012 – 2016 අතර කාලය්දී චීන බැංකු කාඩ්පත් භාවිත කර ජාත්‍යන්තර අමුත්තන්ට සූදු ක්‍රීඩා කිරීමට අවසර දුන් බවටයි ක්‍රවුන් ආයතනයට චෝදනා එල්ල වන්නේ.

මෙම කාලවකවානුවේදි චීන ජාතිකයන්ට වසරකට ඩොලර් 69,500 කට වැඩි මුදලක් හුවමාරු කිරීමද අත්හිටුවා තිබුණා.

එහෙත් ක්‍රවුන් විසින් සිදුකර ඇත්තේ චීන ජාතිකයන්ට නවාතැන් පහසුකම් සැපයූ බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර එම මුදල් සූදූ ක්‍රීඩා සඳහා යෙදවීමයි.

මෙලෙස හුවමාරු කර ඇති මුදල ඩොලර් මිලියන 164 ක් බවට තක්සේරු කර තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »