ලේබර් නව කැබිනට් මණ්ඩලය තෝරාගැනීම අද

ලේබර් පක්ෂයේ නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් තෝරාගැනීම අද සිදුකෙරෙනවා.

ඒ අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමෙන් අනතුරුවයි.

විදේශ හා සංක්‍රමණ ඇතුලු ඇමති ධූර කිහිපයක් පමණක් පසුගියදා අගමැතිවරයා සමග දිවුරුම් දෙනු ලැබුවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු සංයුතිය පිලිබඳ අවසන් තීරණයක් ලැබෙන තුරු සෙසු ඇමති ධුර පිරවීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

එහෙත් පාර්ලිමේන්තුවේ ආසන 76 ක බහුතරය ලේබර් පක්ෂයට ස්ථිරවීමත් සමගයි කැබිනට් මණ්ඩලය පත් කර අවසන් කිරීමට තීරණය වී ඇත්තේ.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »