ලිබරල් නායකත්වයට පීටර් ඩට්න් නිතරගයෙන් පත්වෙයි

ලිබරල් පක්ෂයේ නව නායකයා ලෙස හිටපු ආරක්ෂක ඇමති පීටර් ඩට්න් නිතරගයෙන් තේරී පත්වුණා.

ඒ කැන්බරා හිදි පැවති පක්ෂයේ විශේෂ හමුවේදීයි.

මේ අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවටද පීටර් ඩට්න් පත්වනු ඇති.

පසුගිය 21 වනදා පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ලිබරල් පක්ෂය පරාජයවීම හමුවේ එවක අගමැති ස්කොට් මොරිසන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමගයි එම ධුරය පුරප්පාඩු වූයේ.

මේ අතර ලිබරල් පක්ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස හිටපු පරිසර ඇමතිනී සුසන් ලේ තේරීපත්වූයේද නිතරගයෙනුයි.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »